බොහේමියානුවකු ලෙස හදවතින්

අදටත් රැකියාව හෝ ඉදිරියේදී බලහත්කාරයෙන් හෝ කර ගැනීමට සිදුවන පෙලවහ වැනි බාධක නොතිබුනි නමි සැබෑම බොහෝමියානුවෙකු ලෙස ජීවිතය ගත කිරීමට මම ඔිනම මොහොතක සූදානමිය .මීට වසර කිහිපයට පෙර බුල් බෑන්ඩි එකක දැමීමට තරමි වැවී තිබු කොන්ඩය කපා දැමිමට සිදුවුයේ මුදල් අය කැමියකු වශයෙන් ප්‍රසිද්ධ බැංකුවක සමාජයට පෙනෙන ආකාරයේ රස්ටෙකු මෙන් සිටිය නොහැකි නිසාය .කොන්ඩය නැතිද විලාසිතා නැතිවද අදටත් මම සිතිවිලිවලින් බොහේමියානුවෙකු ලෙස කල් ගතකරමි. සැබෑම බොහේමියනුවෙකු ලෙස ජිවිතය ගෙනයා හැක්කේ  සිතිවිලි වල ඇති නිදහස් බව, තමා කරන කියන දේ වල ඇති නිවරදි බව පිලිබද ඇති විශ්වාසයත් ,ඕනැම කලාවක් සිතින් විදිය හැකි මානසික ස්වභාවයත් සහ සමිප්‍රධායෙන් ඔබිබට යමක් සිතිය හැකි බවත් මත මිස කොන්ඩය රැවුල දිගට වවා පාරක් පාරක් ගානේ උන්මත්තකකයෙකු ලෙස ඇවිදීමෙන් නොවන බව මගේ හැගීමයි .

මෙය ජීවිතයත් සොබාදහමත් යතාර්ථය සහ සතුටක් සැබෑලෙසම ඇත්විදිමක්ය, අදටත් මගේ සිතුවිලි කලහකාරී නැත. මම සැබැවටම ආදරය කරන්නේ සතුන්ටත් ගහකොලටත් සංගීතයටත් සදටත් තරුවලටත් හුදෙකලාවට සහ සියුමි මදුවිතටත් මගේ ගිටාරයටත් පමනී . නිවසේ කොන්ක්‍රිට් වහලය මත රාත්‍රිකාලයේ නැගී සීතල සුලගත් තරුත් හුදෙකලාවත් සමග නැගෙන ගිතාරුවේ තත් හඩ තරමි ආනන්දජනක හැගීමත් ඇටිලස් කලු ජෙල් පෑනකින් ඇදෙන කටු චිත්‍රයට ඇති අපුරුව හෝ මා විසින් කුඩාවට පවත්වාගෙන යන විසිතුරු පැල තවානෙහි පැලයක අලුතින් පුබුදාලන පොහොටිටුවක ඇති චමත්කාරය නැතිනම් විවිධ දෑ ඒකතු කර ඇතැම් විට මා තනන විවිධ නිර්මාණ වලින් අන් කිසිවකු නොලබන තරමි සතුටක් මේ සිතින් ලබමි ඉතින්ඒ එවැනි සතුටක් ලැබිය හැකි අන් මගක් තිබේද 

කහල්ල රක්ශිතය මැදින් රැස්වෙහෙරට හුදෙකලා ගමනක්

පහුගිය දිනෙක මට පුලුවන් වුනා අයිතිහාසික රැස්වෙහර පුදබිම වෙත යන්න .අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු කොටසට වෙන්න වයඹ පලාත් සීමාවේයි මෙම පුදබිම පිහිටල තියෙන්නේ .ජනප්‍රවාද අනුව රැස්වෙහර ප්‍රතිමාව සහ අවුකන ප්‍රතිමාව ගුරුතුමාගේ සහ ගෝලයාගේ නිර්මාණයක්. එකට වැඩ පටන්ගත් දෙදෙනාගෙන් පලමුව නිමකල කෙනා ජනග්‍රාහකයා ලෙස නමි කලබවක් ජනප්‍රවාදයේ සදහන් වෙනව. මේ අනුව මේ තරගයෙන් ජයගත්තේ අවුකන ප්‍රතිමාව නිමවු ගෝලයා බවත් කියැවෙනවා .ඒ කතාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් රැස්වෙහෙර පුදබිම වෙත ගමන් කල දුර තරමක හොද කතාවක්. බුල්නෑව හංදියට මෝටර් බයිසිකලයෙන් පැමිණි මම කෙලින්ම ගමන්කලේ ඔත්තපහුව-මඩගල්ල මාර්ගයේ .ඒ හංදීයේ ඉදල කිලෝමිටර් 2 ක් විතර ගියතැන පාරේ දකුණු පැත්තට ගමන් කරන්න අතුරුමාර්ගයක් තියෙනවා ඒ තමයි රැස්වෙහෙර පුදබිමට යන පාර .

මේක හරිම දුශ්කර මාර්ගයක් ඒ විතරක් නෙවේ පුදබිමට යන්න තියෙන්නෙ වල් අලි වලස්සු වගේ ටිකක් දරුණු සත්තු ඉන්න කහල්ලපල්ලේකැලේ රක්ශිතය හරහා. කොහොම හරි මේ ගමන යන්න ඕන කියල හිතා ගත්ත මම අර මුලින් කියපු අතුරු මාවත දිගේ කිලෝමිටර 3 ක් විතර ගමන් කරල කහල්ලපල්ලේකැලේ රක්ශිතයයේ සීමාවට ආව .ඒක ටිකක් හරිම දුශ්කර පැත්තක්, කොහොම උනත් රක්ශිතය මැද්දෙන් යන්න තියෙන අනාරක්ශිත පාරේ යනවද නැද්ද කියල මට දෙපාරක් හිතන්න උනේ අහල පහල මිනිස් පුලුටක්වත් පේන්න තිබුනේ නැති නිසා . අන්න ඒ වේලාවෙදි තමයි කොහේහරි ඉදන් ආපු ඩිමෝ බටිට ලොරියක් රැස්වෙහෙර පන්සලට යන පාරට දැම්මේ .මමත් පුලුවන් තරමි දුරක් ඒ වාහනය පස්සෙන් ගියත් ඒක ගියපු වේගයට එක් තැනකදි මගහැරැනා. ගමනේ බාගයක් විතර දුරක් ඇවිත් ආපහු හැරෙන එක තේරුමක් නැති නිසා මම රැස්වෙහෙර පන්සලට යනතුරුම මගේ මෝටර්බයිසිකලය ධාවනය කලා. කොහොම උනත් මේ ගියපු ගමනේ ජායාරූප ටිකක් ගන්නත් මම අමතක කලේ නෑ.

මගේ අලුත් ඇදුම් එල්ලනය

ටික කලක්ම තිස්සේ මා  නිතර භාවිතා කරන ඇදුම් පහසුවෙන් ආපසු ගැනීමටත් මී කරදරය පවතින නිවසක ආරක්ශාකාරීව තැබීමටත් සුදුසු ක්‍රමයක් මම සොයමින් සිටියා.

පහසු විසදුමක් තිබුනත් ඇලුමිනියමි කබඩ් එකක් මගින් මගේ කුඩා කාමරය අහුරා දැමීමට මම කැමති වුනේ නැහැ .පසුව නිවසේ පැරණි අබලි දෑ දමා තිබු කාමරයෙන් කලකට පෙර ඇදුම් කඩයෙන් ඉවත්කල රෙදි එල්ලනයක් සොයා ගැනීමට හැකිවුනා .

පසුව පැයක පමන කාලයක ඇවෑමෙන් පසු ස්කුරුප්පු ඇන කිහිපයක් සහ වෝල්ක්ලිප් කිහිපයක් මගින් එය මගේ කාමරයේ බිත්තියට සවිකර ගෙන Hangers කිහිපයක් භාවිතයෙන් එහි රෙදි එල්ලිය හැකි ආකරයට සකස්කර ගත්තා.ඇතැම්විට මෙය පිස්සු අදහක් විය හැකි උනත් දැන් නම් එය මට ඉතා පහසුවක් ගෙන දෙන්නක්.


Google Bookmark හරහා පිටු සලකුණු කලමණාකරණය

අප එදිනෙදා අන්තර්ජාලට කුමන හෝ කටයුත්තක් සදහා නිරන්තරයෙන් පිවිසෙනවා. මෙලෙස අන්තර්ජාලය තුල සැරිසරණ විට ඔබ කැමතිම වෙබිපිටුවක් හෝ බිලොග් අඩවියක් නැතිනමි විඩියෝ දර්ශනයක් නැවත නැරඹිමට හෝ අවශ්‍ය වු විටක එම වෙබි පිටුවට නැවත ක්ශණිකව පිවිසීමටයි අපි බුක්මාර්ක් භාවිතා කරන්නේ. සරලව කිවහොත් එය අප කැමතිම වෙබි අඩවියට නැවත සෙවුමකින් තොරව ඉක්මණින්  පිවිසීමට යොදන සටහනක්. සාමාන්‍යෙන් ඕනෑම වෙබ් බ්‍රවුසරයකම පාහේ මෙම බුක්මාර්ක් යොදා ගැනීමේ පහසුකම සලසා තිබෙනවා .කෙසේ නමුත් පසුකාලීනව ගුගල් සමාගම ඉතා අංග සම්පූර්ණ බුක්මාර්ක් යෙදවුමක් Google bookmark නමින් දියත් කරණු ලැබුවා .

එම නිසා සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයක් තුල බුක්මාර්ක් යෙදීමේදී ඇතිවුන ප්‍රායෝගික දුර්වල කිහිපයක් වන සටහන් කරන වෙබ් අඩවි බුක්මාර්ක් වර්ග කරගත නොහැකීවීම,ඕනැම අයෙකුට ඒවා බැලීමට සහ ඉන් එම වෙබ් අඩවි වලට පිවිසීමට හැකිවීම ,වෙනත් පරිඝණකයක් භාවිත කරණ විට මුල් බ්‍රවුසරයේ සටහන් කරගත් බුක්මාර්ක් හරහා පිවිසීමට නොහැකිවීම වැනි ගැටලු වලට ඉතා සාර්ථක පිලිතුරක් ලබාගැනීමට හැකිවුනි .මේ Google bookmark ඉතා සාර්ථක යෙදවුමක් වුයේ ඉහත ගැටලු සියල්ලම පිලිතුර එහි තිබෙන නිසාය වැදගත්ම දෙයනමි එය ඔබේ Gmail ගිනුමේ password එක හරහා ඉතා ආරක්ශිත ලෙස සටහන් වීමයි එම නිසා කිසිදු වෙනත් අයෙකුට එවා මැකීම හෝ ඒ හරහා පිවිසීමටද නොහැකිය .ඔබ බොහෝ වෙබි අඩවි සටහන් කරතබන්නේ ඔබේ වෙබි බ්‍රවුසරයේම නමි මෙය ඔබට කදිම විසදුමකි.පහත සබැදියෙන් ඔබට එයට පිවිසිය හැකිය.

නාගරික සිතුවමි කලාව නොහොත් Urban Sketching

මම පෞද්ගලිකව කොහොමත් සිත්  නිවන කලාවන්ට ලැදි අයෙක් නිසා අන්තර්ජාලය තුලින් Crafts (අත්වැඩ), ගෙවතු අලංකරණය, විසිතුරු පැල වැවීම වැනි මාතෘකා ඔස්සේ ඇති විවිධ ලිපි නිතර සෙවීමත් වෙලාවක් ලද හැම විටකම එවැන්නක නිරතවීමටද උත්සහකරන අයෙක්. පසුගිය දිනවල මගේ අවධානයට යොමු වී තිබුනේ කාටුන් චිත්‍ර ඇදීම කෙරෙහිය .අන්තර්ජාලය ඔස්සේ මේ ගැන ලියැවුන ලිපි ගනනාවක් අධ්‍යයනය කිරීිමෙන් පසු කරන ලද  අසාර්ථක උත්සහයන් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස කාටුන ඇදීමේ අදහස සිතින් අත්හැර ගත්තෙමි. කෙසේ නමුත් මේ ලිපි සොයන අතරතුර වැඩි දෙනෙක් අවධානය යොමු නොකරණ ඉතා අකාර්ශණීය සිතුවමි කලාවක් පිලිබදව මට දැනගැනීමට හැකිවිය. ඒවා ඕනැම කෙනෙකුට නිදහස් අතින් ඇදිය හැකි සරල සහ වක්‍ර රේඛාත් කටු ගෑමි වලිනුත් සමන්විත විය. එමෙන්ම එවැනි චිත්‍ර රාශියක්ද මට අන්තර්ජාලය තුලින් දැකගැනීමට හැකිවිය.

එ ලිපිබද කියැවීමේදි මට දැනගැනීමට ලැබුනේ එම නිර්මාණ සෑම එකක්ම පාහේ විවිධ තුඩ ප්‍රමාණයන්ගෙන් යුතු පෑන් වර්ග වලින් අදින එවා බවයි. එපමණක් නොව එය විදේශ රටවල විශේෂයෙන්ම තරුණ පරපුරේ අය විනෝදාංශයක් ලෙස කරන කටයුත්තක්ද බවයි .මෙම කලාව නමින් Urban Sketching ලෙස හදුන්වයි Urban යන්නෙහි අරුත නාගරික යන්නයි Sketching යනු සරල සටහනන් ඇදීමයි .මෙම Urban Sketching නැතහොත් නාගරික චිත්‍රකලාව කිසිලෙසකත් සංකීර්ණ මිනිස් හැගීමි විදහා දැක්වෙන චිත්‍ර ඇදීමට භාවිතයට ගැනීමට නොහැකිය .වචනයේ අර්ථයෙන්ම මෙයින් කල හැකි වන්නේ අවට පරිසරයේ විවිධ කොටස් සහ බාහිර මිනිස් හැසිරීමි කලාත්මකව සිතුවමට නැගීමයි. මේවායිනුත් බොහෝමයක් චිත්‍ර විවිධ රටවල නගර සහ ගොඩනැගිලි ඇදීමට භාවීතාකරන බව මා ඒ පිලිබදව කියැවු ලිපි වල සදහන් විය .

ඒ Urban Sketching වල කතාවයි. ඒ කතාව එසේ නමුත් එවැනි චිත්‍ර ඇදිමේ ආශාවක් බොහෝ කලක් තිස්සේ මගේ හිතේ නලියමින් තිබුනකි. මීට වසරකට පමණ පෙර මා කිසිදු දැනුමකින් තොරව ඇන්ද එවන් කටුබොටු චිත්‍රයක් පිලිබදව ලිපියක්ද මෙහි දැමීය. කෙසේ නමුත් වසරකට පසුව මා දැන් එම කලාවෙන් මුල් අවධියට වඩා තරමක් දුරට සංවර්ධනය වි ඇති බව සතුටින් කිව හැකිය. නිකම්ම නිකං කලුපෑනකින් Sketch ඇන්ද මට එය වඩා සාර්ථකව කල හැක්කේ Gel පෑනකින් බව ප්‍රත්‍යක්ශ විමත් සමග මම අදින ස්කෙච් වල තිබු ලදරු භාවය තරමක් දුරට අඩුවි යමින් තිබෙනු බව පෙනුනි. එයට ලොකු තුඩක් ඇති කලු සහ අලු ප්ලැටිග්නමි පෑන්ද පසුව මා එක් කරගත් පසු ඒවා මා ඇන්ද ඒවාද යන්නත් පිලිබදව මට සැකයක් ඇතිවිය .

මා මිලට ගත් රෙකෝඩර් (Descant Recorder) නලාව

සංගීත භාන්ඩයක් වාදනය කිරිමට හුරුවීමේ ආශාව මා තුල බොහෝ කලක් තිබුනත් බොහෝ වෙනත් හේතුසාධක රාශියක් මත එවැන්නක් පිලිබදව ඉගෙනීමට අවස්ථාවක් නොලැබුනි. විඩාබර රැකියාව නිසා මහන්සියෙන් හෝ තෙහෙටිටුවෙන් ගෙවෙන දින පහත් හුදෙකලාවෙන් ගෙවෙන සති අන්තයත් නිසා කිනමි හෝ විනෝදාංශයකට හුරුවීම ඉතා යහපත් යැයි මට විටක සිතුනි .පසුගිය කාලය පුරාම චිත්‍රපට නැරඹිමට ඇබිබැහිවීමත් නිසා දැනට භාවිතා කරන CRT රූපවාහිිනිය පසෙකලා තරමක් ලොකු ප්‍රමාණයක LED රෑපවාහිිනයක් මිලට ගැනීමේ අපේෂවෙන් මම සිංගර් ශ්‍රි ලංකා ආයතනයේ ඔන්ලයින් අන්තර්ජාල වෙලදපලට පිවිසුනේ එැවන්නක මිල ගනන් විමසීමටයි .නමුත් එහි තිබු රෑපවාහිනි යන්ත්‍රවල මිල ගනන් සහ මා සතුව තිබු ණයකාඩිපතේ සීමාවන් සහ ඉදිරි අවස්ථා (Offers) ගැන සිතා මම රූපවාහිනිය මිලට ගැනීමේ කටයුත්ත මදක් පස්සට දැමීය .

එසේ විවිධ කැටගරි යටතේ තිබෙන භාන්ඩ නරඹමින් ඔවුන්ගේ වෙබි අඩවියේ මදක් සැරිසැරූ මට අහමිබයෙන් මෙන් Music category නමි ප්‍රබෙිධයට පිවිසෙන්නට ලැබුනි. විවිධ ආකාරයේ ගිටාර් සහ වෙනත් සංගීත උපකරණ රාශියක් අතරින් ඒ සැනින් මගේ සිත ඇදි ගියේ එහි තිබු එක්තරා ආකාරයක සුසිර ගණයේ සංගීත භාන්ඩයකටයි .කලක් මගේ ප්‍රියතම වැඩසටහනක් වු Dell studio වැඩසටහනක මා ඉතා ප්‍රියකරන කසුන් කල්හාර සහභාගි වුන වැඩසටහනක් විය .ඔහුගේ ඉතා ජනප්‍රිය ගීතයක් වුන මල් මිටක් තියන්න යන ගීතයේ වැයෙන වයලීන් කන්ඩය වෙනුවට ඔවුන් එයට භාවිත කර තිබුනේද මෙම සංගීත භාන්ඩයේ හඩමය. descant recorder නමි වු මෙම සංගීත භාන්ඩය මිලෙන්ද ඉතා අඩුවු බැවින් එය මිලට ගැනීමට මට සිත්විය. ඇනවුමි කිරීමට පෙර එම සංගීත භෘන්ඩය ගැනත් වාදනය කරන ආකාරය ගැනත් යුටියුබය හරහා විඩියෝ ක්ලිප් කිහිපක් බැලුවෙමි සැබැවින්ම ඉමිහිරි නාදයක් නිකුත් කරන මෙම සංගීත භාන්ඩය 14 වන සියවසේ පමණ සිට බොහෝ යුරෝපා රටවල් වල නිරන්තර භාවිතා කරන ලද එකකි .දිගින් අඩියකට මදක් වැඩිවන ශබිධය පිටවීමට ඉපියක් සහිත මෙන්ම ස්වර පිහිටුවීම සදහා සිදුරු 8 ක්ද එහි විය .ටික දිනක් නොඉවසිල්ලෙන් බලා සිටිමට මට සිදුවු නමුත්ඇවනුමි කිරිමෙන් හරියටම දින 7 කට පසු මට එය Certice Lanka භාන්ඩ ප්‍රවාහන සේවය හරහා නිවසටම ලැබුනි.ඇනවුමි කර ගෙන්වා ගැනීමටත් වඩා එවැන්නක් වාදනය කිරීමට හුරුවීම අපහසු කටයුත්තක් බැවින් මේ ගැන ලියවුනු ලිපි කිහිපයක් හා පාඩමි මාලා (tutorial) කිහිපයක්ද මා ඩවුන්ලෝඩි කරගෙන පලමු පියවර තැබුවෙමි

ඇත්තමයි මට දැනුනා

ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආව
අාදරණිය සුවද
ගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්
මගේ මුහුනේ දැවටිලා සිහිල් කල
ඒ සීතල සුලගෙන් පවා මට දැනුනා